සංවර්ධන ලොතරැයි මණ්ඩලය

අපි ගැන

දැක්ම

"ශ්‍රිලංකාවේ ප්‍රමුකතම වාසනා උත්පාදක පොදු ඒකකය."

මෙහෙවර

"ඉහළපෙලේ තාක්ෂණය උපයෝගී කරගනිමින් විශ්වාසනීයබාවය ද රකිමින්, සියලුම අවස්ථාවල දී පරදු බරකරුවන්ගේ අපේක්ෂාවන් විශිෂ්ට අන්දමින් ඉටුකරමින් නව නිර්මානාත්මක හා ආකර්ෂණීය ලොතරැයි පැවැත්වීම ."

වටිනාකම්

අවංක භාවය  - අප ඉදිරිපත් කරන ලොතරැයි හා අප ව්‍යාපාරික කටයුතු වල යෙදෙන ආකාරය සාධාරණයි අවංකයි විශ්වසනීයයි.
ධනාත්මක ආකල්ප  - ලොතරැයි ව්‍යාපාරයේ යෙදී සිටින අතරතුර  මුහුණ පාන්නට සිදුවන සෑම අභියෝගයක් සදහාම සංවර්ධන ලොතරැයි මණ්ඩල සේවකයන්ට ශුභවාදී ප්‍රවිශ්ටයක් ඇත.
ප්‍රථිපල කරා නැඹුරුව  - සංවර්ධන ලොතරැයි මණ්ඩල සේවකයෝ සිය කාර්යයන් ඉටු කිරීමේදී විශ්වාසයකින් යුතුව කටයුතු කරන අතර නියමිත ඉලක්කයන් කාර්යක්ෂම ආකාරයෙන් සපුරාලීම කෙරෙහි යොමුවී සිටිති.
නවාංග - ව්‍යාපාරික කටයුතු වැඩිදියුණු කරන අදහස් සෙවීමටත්, වෙළද පොලෙහි සිදුවන උපායමාර්ගික හා තරගකාරී  වලදී තීරණ ගෙන ඉක්මනින් ක්‍රියා කිරීමටත් සංවර්ධන ලොතරැයි මණ්ඩල සේවකයන්ට  දිරි දෙනු ලැබේ..
කණ්ඩායම් වැඩ  - විවෘත  භාවය, අන්‍යොන්‍ය ගරු කිරීම හා පුද්ගල සංවර්ධනය ප්‍රවර්ධනය කරන අතරම සංවිධානමය ඉලක්ක සපුරාලීම සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩල සේවකයෝ එකමුතුව කටයුතු කරති..
විශිෂ්ටත්වය කරා නැඹුරු වීම - සංවර්ධන ලොතරැයි මණ්ඩල සේවකයෝ අඛණ්ඩවම සිය සේවාවන්හි ගුණාත්මක භාවය උපරිම තත්වයට පත් කිරීමට ප්‍රයත්න දරති.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය

සංවර්ධන ලොතරැයිය 1983 ජනවාරි 19 දාපටන් ශ්රී  ලාංකික ජනතාවගේ ජිවිත සරුසාර කිරීමට මහෝපකාරී වී ඇත. ත්යාරගමුදල් වශයෙන් රුපියල් මිලියන ගනන් පිරිනමමින් හා ලාභ වශයෙන් උපයන මුදල්මිලියන ගනන් ජනාධිපති අරමුදලට දායක කරමින්, ආරම්භයේ පටන්ම සංවර්ධන ලොතරැයිමණ්ඩලය ශ්රින ලංකා දේශයට ලබා දී ඇත්තේ අතිවිශාල දායකත්වයකි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය නවාංගීකරණය අතින්මෙන්ම, පෙර ගමන් කරුවකු වශයෙන්ද ශ්රීව ලංකාවේ උසස්තම ලොතරැයි සංවිධානයවන්නේය. ආරම්භයේ පටන්ම ලොතරැයිපත් මුද්රදණය කිරීම සඳහාත්, මහජනයා වෙත කරනසියලුම ත්යාඇග මුදල් ප්රරදානයන් සඳහාත් සංවර්ධන ලොතරැයිය උපයෝගී කරගෙනඇත්තේ නවතමතාක්ෂණයයි
තවද සංවර්ධන ලොතරැයි මණ්ඩලය සංස්ථාපිතපුරවැසියෙකු වශයෙන් ශ්රීල ලංකාවේ ලොතරැයි ප්ර වර්ධනය, කළමනාකරණය හාපරිපාලනය සම්බන්ධයෙන් අවංක භාවයෙන් හා විශ්වාසනීය භාවයෙන් මෙන්ම, වගකීමකින්යුක්තව සිය ලොතරැයි මෙහෙයුම් කටයුතුවල යෙදි සිටියි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ඉතිහහාසය
ආරම්භයේදී සංවර්ධන ලොතරැයි මධ්‍යස්ථානය  ලෙස හදුන්වනු ලබූ  සංවර්ධන ලොතරැයි මණ්ඩලය 1983 ජනවාරි 19 වැනිදා පිහිටවනු ලබූ අතර, මෙම මධ්‍යස්ථානයේ ප්‍රදාන පරමාර්ථය වූයේ අරමුදල් එක රැස් කිරීමට රජයට පූර්ණ සහය දැක්වීමයි.
ඉන්පසුව සංවර්ධන ලොතරැයි මණ්ඩල මධ්‍යස්ථානය 'සංවර්ධන ලොතරැයි භාරය' නම් වූ  බවට 1993 දී පත්කරන ලදී.1997 අගෝස්තු 12 වැනිදා 1997 අංක 20 දරණ සංවර්ධන ලොතරැයි පනත මගින් මෙම භාරය සංවර්ධන ලොතරැයි මණ්ඩලය බවට පරිවර්තනය කරන ලදී.
1983 වර්ෂයේදී ක්‍ෂණික දිනුම් හිමිකර දෙන ලොතරැයි පත් හදුන්වා දෙමින් "සංවර්ධන ලොතරැයි මණ්ඩලය" ලොතරැයි වෙළද පොළට පිවිසුණු අතර, 1987 දී ශනිදා වාසනා ටිකට් පත් දියත් කිරීමත් සමගම ලොතරැයි වෙළද පොළට රූපවහිනි ලොතරැයි දිනුම් ඇදීම හදුන්වා දුන් ප්‍රථම ලොතරැයි සංවිධානය බවට පත් විය. මුල දී "ශනිදා වාසනා" දිනුම් ඇදීම සෙනසුරාදා පමණක් පැවැත්වුණු නමුදු පසුව එය බදාදාටද ව්‍යාප්ත කරන ලදී.
"වසනා චක්‍රය" රුපවාහිනී දිනුම් ඇදීමේ දෙවන අදියර 1998 ජනවාරි 25 වැනිදා ඇරඹුණු අතර එය සම  දිනකම පැවැත්විණි.මෙම ත්‍යාග හිමි කර නොගන්නා සුරන ක්‍රමයේ ලොතරැයි පත් සදහා මැනවින් සකස් වුවකි.මෙම වැඩසටහනට මහජනයාගෙන් ඉහල ප්‍රතිචාරයක් ලැබුණි.
"සංවර්ධන වාසනාව " නම්  වූ දෙවැනි රූපවහිනි  දිනුම් ඇදීම 1998 ඔක්තෝබර් 9 වැනි දා ආරම්භ වුනි. අගහරුවදා සහ සිකුරාදා දිනයන්හි මෙම දිනුම් ඇදීම පැවැත්වුනි ජයග්‍රාහකයන් හදුනා ගැනීම සදහා අංක සමග සංකේත හදුන්වාදීම මෙම ටිකට් පතෙහි අනන්‍ය ලක්ෂණයක් විය.
සදුදා හා බ්‍රහස්පතින්දා දිනයන්හි දිනුම් අදින ජයෝදා හදුන්වාදීමට අපට 2004 ජනවාරි 26 වැනිදා  ලැබුණි.සම්මත මහා දිනුමට හා නිත්‍ය මුදල් ත්‍යාග වලට අමතරව  සුපිරි මහා දිනුමක් මෙම ටිකට් පත් මගින් පිරිනැමේ.සුපිරි මහා දිනුම් ඇදීම අරබෙන්නේ රුපියල් මිලියන 10 ක මුදලකිනි.නිත්‍ය මහා දිනුම් ලබන ජයග්‍රහකයින්ට රුපියල් මිලියන 1 ක මුදල් ත්‍යාගයක් තෝරාගැනීමේ හිමි කම ඇත.
බ්‍රහස්පතින්දා හා සෙනසුරාදා දිනයන්හි දිනුම් අදින "ජනජය" 2009 අප්‍රේල් 10 වැනිදා දියත් කිරීමේ හැකියාව සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ලැබිණි. සුපිරි ත්‍යාගය දින ගැනීම සදහා එම වාසනාවන්තයා අංක 64 ක් අතරින් අංක 4ක් ද තවත් යන්ත්‍රයක් තුලින් අංක 12ක් අතරින් සුපිරි අංකයක්ද ගැලපිය යුතුය. සුපිරි මහා ත්‍යාගය ඇරබෙන්නේ රුපියල් මිලියන 5ක මුදලකිනි.
2011 නොවැම්බර් 8 වැනිදා සංවර්ධන ලොතරැයි මණ්ඩලය තවත් ජය ටම්බක් කර ලගා විය.රුපියල් මිලියන 10 ක ආරම්භක මහා ත්‍යාගයක් සහිත 'නියත ජය' ලොතරැයි පත අප විසින් වෙළද පොලට හදුන්ව දෙන ලදී.අගහරුවද හා සිකුරාදා දිනයන්හි දී එහි දිනුම් ඇදීම පවත්වනු ලැබේ.සුපිරි ත්‍යාගය දින ගැනීම සදහා එම වාසනාවන්තය අංක 64 ක් අතුරින් අංක 4ක් ද තවත් යන්ත්‍රයක් මගින් අංක 12ක් අතුරින් සුපිරි අංකයක්ද ගැලපිය යුතුයි.සුපිරි මහා ත්‍යාගය අරබෙන්නේ මිලියන 5 ක මුදලකිනි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් උපදවනු ලබන ආදායම ජනාධිපති අරමුදලට බැර  කරනු ලබන අතර, එයින් 50%ක් මහපොළ උසස් අධ්‍යාපන  ශීෂ්‍යත්ව භාර  අරමුදල සදහා වැය කරනු ලැබේ. ඉතිරි මුදල් දුගී ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සෞඛ්‍ය අවශ්‍යතාවන් ආගමික ආයතන නඩත්තුව සදහා අරමුදල් සැපයීම ශුභ සාධක සමාගම් හා ක්‍රීඩා සහ කලා ක්ෂේත්‍ර වෙත යොමු කරනු ලැබේ.